Spread the love

මහවැලි B කලාපයේ ගොවිජනතාව තමන්ගේ අස්වනු නෙලීමෙන් අනතුරුව එහි අග්‍ර කොටස දළදා සමිඳුන් උදෙසා පූජා කිරීමේ අලුත් සහල් මංගල්‍යය අද දින (05) වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික සෝමාවතී රාජමහා විහාරස්ථානයේදී පැවැත් විණි.

මහාවිහාරවංශික ශ්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු විහාර පාර්ශවයේ ප්‍රධාන ලේඛකාධිකාරී, ඓතිහාසික සෝමාවතී රාජමහා විහාරාස්ථානයේ විහාරාධිපති අතිපූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවැත්වූ මෙම මහැඟි පුණ්‍යකර්මයට ප්‍රදේශයේ මහා සංඝරත්නයේ ආශිර්වාදය නොවඩුව ලැබිණි.

මේ අවස්ථාව සදහා

*උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් ,ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් කීර්ති බී කොටගම යන මහත්වරු ඇතුළු ,මහවැලි B කලාපයේ නේවාසික ව්‍යාපාර කළමණාකාරතුමන් ,මහවැලි අධිකාරියේ නිළධාරින්, මහවැලි B කලාපයේ සියලුම ගොවිසංවිධානවලට අයත් ගොවි ජනතාව සහභාගි වුහ.