ගාල්ල හියාරේ රක්ෂිතයේ මහා පරිමානයෙන් පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාර හයක් වටලා රුපියල් ලක්ෂ දහයක් වටිනා මත්පැන් තොගයක් සමගින් සැකකරුවන් අටදෙනෙකු දකුණු පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ ගෝඩා මිලි ලීටර් 10 80 000 ක්, කසිප්පු ස්ප්‍රීතු මිලි ලීටර් 39 900 ක්,බැරල් 20 ක්,දගර 6 ක් තිබු බව දකුණු පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක ධීර ගුණසේකර මහතා පවසයි.

නිෂ්පාදිත මත්පැන් ගාල්ල ,උණවටුන,අක්මීමන ,කරාපිටිය,යක්කල මුල්ල හා ඉමදුව යන ප්‍රදේශවලට බෙදා හරින බවට සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය කර ගැනීමට සමත්වී ඇත.

සැකකරුවන් හියාරේ රක්ෂිතයේ දොල පාරවල් උපයෝගී කරගෙන පරිසරයට හානි සිදු කරමින් මත්පැන් නිෂ්පාදනාගාර පවත්වාගෙන ගොස් ඇතැයිද සුරාබදු නිලධාරීන් පවසයි

අත්අඩංගුවට ගත් සැකකරුවන් රුපියල් ලක්ෂය බැගින් වු සුරාබදු සහතික ඇපමත මුදාහැර ඇති අතර ඉදිරියේදී ගාල්ල මහේසත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ.ගුණසිරි ,සුරාබදු කොමසාරිස්( නීති ක්‍රියාත්මක කිරිම්)කපිල කුමාරසිංහ ,දකුණු පලාත් සහකාර සුරාබදු කොමසාරිස් චන්න විරක්කොඩි යන මහත්වරුන් ගේ උපදෙස් මත , ගාල්ල සුරාබදු අධිකාරී එම්.ඩී.පී .සුනිල් ශාන්ත මහතාගේ මෙහෙයවීමෙන් ,දකුණු පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක ධීර ගුණසේකර මහතාගේ අධීක්ෂණය යටතේ ,සුරාබදු පරීක්ෂක වරුන්වන චන්න කුමාර ,ලක්ෂාන් පෙරේරා,සැරයන් වරුන්වන මලින් ද සදරාජ්,විරාජ් හේමපාල,නියාමකවරුන් වන උපුල් ප්‍රියංකර ,සහන් පෙරුමාබදු ,රජිත මිහිරංග ,පහන් බුද්ධික,රියදුරන්වන නිරෝෂන්,හර්ෂ විදුරංග ,ප්‍රසාද් සමන්ත,බුද්ධික ප්‍රසන්න යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.

NIMAL RAJAPAKSHA