2023 අයවැය ධනාත්මක අයවැයක් බැවින් ජනතාවට ඉදිරියේදී සහන ලැබෙනු ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (11) පස්වරුවේ අනුරාධපුර පුදබිමට පැමිණි අවස්ථාවේදීය.
ඊයේ පස්වරුවේ අනුරාධපුර පුදබිමට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.
මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී මහා බෝධිය වැද පුඳාගෙන ආශිර්වාද ලබාගත්තේ ඉන් අනතුරුවය.
මේ අතර රුවන්වැලි මහ සෑ පුදබිම වෙත පැමිණි හිටපු ජනාධිපතිවරයා රුවන්වැලි සෑ විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමි බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.
අනතුරුව රුවන්වැලි මහ සෑ රඳුන් වැඳපුදා ගත්තේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා,
“මම හිතන්නේ මේක ධනාත්මක අයවැයක්. අයවැයෙන් බලාපොරොත්තුවන සහන අනාගතයේදී ලැබෙයි.”
ප්රශ්නය – මැතිවරණයක් එනවා ?
“මැවරණයක් ආවොත් ඉතින් ඒකට ලෑස්ති වෙනවා. තාම එහෙම බලාපොරොත්තුවක් නැහැ. කල් තියෙනවා ඕනේ තරම්.”
ප්රශ්නය – ජනතාවට මොනවගේ පණිවුඩයක්ද දෙන්නේ ?
“අපි කියන්නේ ජනතාවට ඉවසීමෙන් කටයුතු කරන්න කියලා.”