Spread the love

2023-03-29 පස්වරු 5:57කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව ගොනු කළ පෙත්සම් දෙකක් හෙට දින පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවීමට නියමිතයි.

ඒ පළාත් පාලන ඡන්ද විමසිම පැවැත්වීම සදහා 2023 වසරේ අයවැය තුළින් වෙන් කර තිබෙන මුදල් ප්‍රතිපාදන රදවා ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නියෝග ක්‍රියාත්මක නොකිරීම තුළින් අධිකරණයට අපහස කළේ යැයි චෝදනා කොට ගොනු කර ඇති පෙත්සම් දෙකක් පිළිබඳවයි.

ඒ අනුව අදාළ පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැදවීමට නියමිතව තිබෙනවා.

අදාළ පෙත්සම් ගොනු කරනු ලැබුවේ සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා සහ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් යන පාර්ලිමේන්තු මන්ත්‍රීන් විසින්.