13 ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මහනායක හිමිවරුන් විරෝධය පල කර නැති බවට තමන්ට තොරතුරු ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.
13 සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීම සම්බන්ධයෙන් මහනාහිමිවරුන් විසින් විරුද්ධතාව පල කරමින් නිවේදනයක් නිකුත් කිරීමෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනාහිමිවරුන් බැහැ දැකී ඒ පිලිබදව පැහැදිලි කිරීමෙන් අනතුරුව උන් වහන්සේලා විරෝධය දක්වා නැති බවද මන්ත්‍රීවරයා පැවසීය.
මෙරට ආර්ථික වශයෙන් සංවර්ධනය කිරීමට නම් 13 සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු බවත් කී ඔහු එනිසා එම සංශෝධනය කුමක් ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතු බවද කියා සිටියේය.