උදා වූ නත්තල් දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර ඇත.
එමගින් ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ මහ මැදුරටත්, දුගී පැලටත් නත්තලේ සතුට එක ලෙස ලබාදීම රජයේ ඉලක්කය වන බවය.
සියලු මනුෂ්‍යයන් ආලෝකවත් කරවන, රුදුරු අඳුර පරදාලන සත්‍ය ආලෝකයාණන්ගේ පැමිණීම නොහොත් ආගමනය නත්තල ලෙසත් එය දිළින්දන්, වහලුන්, පීඩිතයින් මුදාලන විමුක්තිදායක සුපුවතේ රාවය නඟන ආනන්දජනක මංගල්‍යයක් බව ජනාධිපතිවරයා සිය සුබ පැතුම් පණිවිඩයෙන් දන්වා තිබේ.
බෙත්ලෙහෙමේ දිළිඳු ගව ලෙනක උපන් ජේසු බිළිඳා යථාර්ථවාදීව ලෝකය දෙස බැලීමට සිය උපතේ පටන්ම ආදර්ශයක් ගෙන දුන් බවත් උන්වහන්සේ මුළු දිවියම කැප කළේ සමාජයේ පීඩාවට පත් ජනතාව ඉන් මුදාගෙන යහපත් සමාජයක් නිර්මාණය කිරීම උදෙසා බවත් ජනාධිපතිවරයා පවසයි.
කිතු සමිඳුන්ගේ අසිරිමත් උපතේ බල මහිමයෙන් අප දේශය සුවපත් කරන, නිවහල් වන ඉදිරි දශකයට දොරගුළු විවර වේවා ! යි ප්‍රාර්ථනය කරන අතර උන්වහන්සේ පැතූ මනුෂ්‍යත්වය, සහජීවනය, පරිත්‍යාගය පිළිබඳ ශුභාරංචිය සිව්දිග පැතිරෙන ප්‍රීතිමත් නත්තලක් වේවා ! යනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සිය නත්තල් සුබ පැතුම් පණිවිඩයෙන් දන්වා තිබේ.
මේ අතර, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නත්තල් දින සුබ පැතුමෙන් ප්‍රකාශ කළේ වෛරය හා කෘෘරත්වය පිටුදකිමින් ගැටුම් සමනය වන ආර්ථිකමය වශයෙන් හා බව භෝගයෙන් සමෘද්ධිමත් වූ ශ්‍රී ලංකාවක් වෙනුවෙන් නත්තල තවත් ආරම්භයක් කරගත හැකි බවය.