Spread the love

අභාවප්‍රාප්ත දෙවන එලිසබත් මහ රැජිනගේ අවමංගල්‍ය උස්සවයට සහභාගි වීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) අද අළුයම දිවයිනෙන් පිටත්ව ගිය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ කාර්‍ය භාර කළමනාකාරවරයා පැවසීය.

ජනාධිපතිවරයා ඇතුළු පිරිස අද අළුයම එමිනේට්ස් ගුවන් සේවයට අයත් යානයකින් ඩුබායි බලා පිටත්වගොස් තිබේ.

ඩුබායි සිට ජනාධිපතිවරයා ඇතුළු පිරිස බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර බලා පිටත්ව යෑමට නියමිතයි.

මෙය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රථම නිල විදේශ සංචාරයයි