Spread the love

දිප ව්‍යාප්තව අද දිනයේ දියත් කළ ආණ්ඩුව වහාම ඉවත්වන්නැයි විරෝධය පල කරමින් මාතර නගරයේ රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති රැසක් දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වුවා.

පවතින රජයේ ජනාධිපති අගමැති වහාම ඉවත් වන්නැයි කියමින් මාතර නගරයේ ගෝඨාගෝගම අශ්‍රිතව මේ වන විට විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් විරෝධතාවක් පැවැත්වෙනවා.