Spread the love

දිවයින පුරා සිදු වු මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් 2419 දෙනකු පසුගිය වසරේදී මියගොස් ඇති බව පොලිස් රථවාහන කොට්ඨාසය පවසයි.

ජනවාරි 01 වැනි දින සිට දෙසැම්බර් 27 දක්වා කාලය තුළ පමණක් මාරක රිය අනතුරු 2,325ක් සිදුව තිබේ.
මියගිය පිරිස අතර පදිකයන් 697 දෙනකු, යතුරු පැදිකරුවන් 901 දෙනකු , පසු පැදිකරුවන් 152 දෙනකු මියගොස් තිබේ.වෙනත් රියදුරන් 243 දෙනකු, මගීන් 246 දෙනකු, පා පැදිකරුවන් 184 දෙනකු සහ තවත් පුද්ගලයන් 14 දෙනකු මියගොස් පිරිස අතර සිටින බව පොලිසිය පවසයි.
එම කාලය තුළ සිදු වු අනතුරු වලින් තුවාල ලැබූ සංඛ්‍යාව 13,469කි.
මෙම අනතුරු අතරින් පුද්ගලයන් 5263 දෙනකු බරපතල තුවාල ලබා තිබේ.තවත් පුද්ගලයන් 8216 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බව පොලිස් රථවාහන කොට්ඨාසය වැඩිදුරටත් පවසයි.