Spread the love

යාපනය මිරුසවිල් ප්‍රදේශයේ ගෙවත්තක ළිඳක තිබී මාස 7 ක බිළිඳෙකුගේ සහ මවකගේ මළසිරුරු ගොඩගත් බවට කොඩිකාමම් පොලීසිය පවසයි.

මියගිය මව සහ බිළිඳා සිටි නිවසේ කිසියම් පවුල් ආරවුලක් පසුගිය දිනයන්හි සිදුවූ බවටත් පසුව මව සහ බිළිඳා නොසිටීම මත ප්‍රදේශවාසීන් විසින් පොලීසියට දැනුම්දීමෙන් අනතුරුව පොලීසිය එම ප්‍රදේශයට ගොස් සිදුකරන ලද පරික්ෂණවලදී මව සහ බිළිඳාගේ සිරුරු ගෙවත්තේ ළිඳතුල ඇති බවට අනාවරනය වී ඇත.

පසුව ඒ පිළිබඳව පොලීසිය චාවකච්චේරි මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත් ඒ.ජූඩ්සන් මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහෙස්ත්‍රාත් පරික්ෂණය සිදුකල අතර මළසිරුරු පශ්චාත් මරණ පරික්ෂණයට යොමු කොට වාර්ථාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද කොඩිකාමම් පොලීසියට මහෙස්ත්‍රාත් වරයා විසින් නියෝග කරන ලදි.

මෙහිදී මියගොස් ඇත්තේ මිරුසවිල් දකුණු ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි ප්‍රකාශ් චන්ද්‍රමතී නැමති කාන්තාව සහ ඇයගේ බිළිඳා වූ මාස 07 ක් වයසැති ප්‍රකාශ් කරුණ්‍යා නැමති අයයි.

අදාල මරණයන් සම්බන්ධයෙන් මිය ගිය කාන්තාවගේ සැමියා සැකපිට කොඩිකාමම් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්නකිරීම් සිදුකරන බවටද පරික්ෂණ සිදුකරන කොඩිකාමම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.