Spread the love

පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකිරණයේ අළෙවි කරන මාළු වල හා අයිස්වල ගුණාත්මක භාවය සොයා බැළිම සදහා නාරා අයතනයේ පරික්ෂණ කණ්ඩායමක් යොදවන බව ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි
ඇමතිවරයා මෙම අදහස් පළකලේ පෑළයගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළද සංකිර්ණයේ වර්තමාන තත්වය සොයා බැලිම සදහා නිරික්ෂණ චාරිකාවට එක්වෙමිණි.

වෙළද සංකිර්ණයේ පවතින ගැටලු රාශියක් පිළිබද අවදානය යොමු කළ අමාත්‍යවරයා මත්ස්‍ය වෙළද සංකිරණයේ කටයුතු පවත්වාගෙනයන වෙළද සංගමයේ නිළධාරින් හා සාකඡාචාවකට එක් විය.
එහිදි අමාත්‍යවරයා මෙම වෙළද සංකිරණයේ පවතින සිල්ලර වෙළදසැල් අක්‍රියව පැවතීම පිළිබද කරුණු විමසු අතර එහිදි දැනට එම වෙළදසැල් කුළියට ලබා ගෙන ඇති ගැනුම්කරුවන් එය පවත්වාගෙන නොයන්නේ තොග වෙළද සංකිරණයේ සිල්ලර වෙළදාම සිදු විම හේතුවෙනි එසේනම් සිල්ලර වෙළදසැල්ද තොග වෙළදාම සදහා භාවිතා කරන ලෙසටද උපදෙස් ලබා දෙන ලදි.


ඒ අනුව තොග වෙළදාම සදහා තවත් කඩ 57ක් එක් කිරිම හැකිවන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදි.
තවද මත්ස්‍ය වෙළද සංකිරණයේ පවත්වා ගෙන යන අයිස් නිෂ්පාදනාගාර පිළිබදවද අවදානය යොමු කළ අමාත්‍යවරයා එහි කළමණාකාරිත්වය දැනුවත් කරමින් කියා සිටියේ රටේ අනිකුත් බොහො භාණ්ඩවල මිළ ඉහළ නැංවිම සිදුවන බවයි.
මේ අවස්ථාවේ ජනතාව ගැන සිතා අයිස් නිෂ්පාදන මිළ ඉහළ නොදමන ලෙසත් ඒ පිලිබද නිරන්තරයෙන් සොයා බලා කටයුතුකරන ලෙසද නිළධාරින්ට උපදෙස් ලබා දෙන ලදි. තවද වෙළද සංකිරණයේ අළෙවි කරන මත්සයන්ගේ හා අයිස්වල ගුණාත්මක භාවය සොයා බැළිම සදහා නාරා අයතනයේ පරික්ෂණ කණ්ඩායමක් යොදවන ලෙසටද උපදෙස් ලබා දෙන ලද අතර ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාගෙන් මත්ස්‍ය සංකිරණයේ තත්ත්වය පිළිබද වාර්ථාවක් සතියකට වරක් ලබා ගැනිමටද කටයුතු කරන ලෙස අමාත්‍යවරයා නිළධාරින්ට උපදෙස් ලබාදෙන ලදි.

මෙයට අමතරව මත්ස්‍ය සංකීර්ණයේ සිදුවන සොර මැරකම් මැඩළිම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස පෑළියගොඩ පොලිස් ස්ථානධිපතිවරයා කැදවා උපදෙස් ලබා
දෙන ලදි. තවද වෙළද සංකිර්ණයේ සිදු කිරිමට ඇති සංවර්ධන කටයුතු කඩිනමින් සිදු කර අවසන් කරන ලෙසත් මත්ස්‍ය සංකිර්ණයට විදුලිය ලබා ගැනිම සදහා
සොලා පද්ධතියක් සවිකිරිමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් නිළධාරින්ට උපදෙස් ලබා දෙන ලදි.
මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය ප්‍රධාන ගණකාධිකාරි සමන් සුමනසේකර මහතා ඇතුලු පිරිසක් සහභාගි විය.