පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ගෙන ඇති තීන්දුව අනුව මැතිවරණ කොමිසමට ඉදිරියටද කටයුතු කළ හැකි යැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රකාශ කලේය.
මැතිවරණය පවත්වන්නැයි නියෝග දීම අවශ්‍ය නොවන බවත් මැතිවරණ කොමිසමට සිය කටයුතු කරගෙන යාමට බාධාවක් නැති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය පැවසීය.
මේ අතර හෙට දිනයේ මැතිවරණ කොමිසමට සියලු දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් කැඳවා කැඳවා තිබේ.
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම කැඳවීම කර ඇති බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසීය.
මේ අතර මැතිවරණය පැවැත්වීමට අදාලව පෙබරවාරි මාසයේ වියදම් සඳහා මුදල් ද මෙතෙක් ලැබී නැති බවද සභාපතිවරයා පැවසීය.
ජනතාවගේ සර්ව ජන ඡන්ද බලය ආරක්ෂා කිරීමේ වගකීම ඇත්තේ මැතිවරණ කොමිසමට වන බැවින් සහ මැතිවරණය නිසි ආකාරව පවත්වන බවට මැතිවරණ කොමිෂන් සභාව අධිකරණය හමුවේ ප්‍රතිඥා දී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් පැවසීය.