Spread the love


නිමල් රාජපක්ෂ-

මැදවච්චිය දුම්රිය ස්ථානයේ රඳවා තිබෙන ඉන්ධන ටැංකියෙන් රුපියල් 611550/- වටිනා ඩීසල් තොගයක් සොරකම් කිරිම ගැන ප්‍රවාහන ඇමතිවරයා හෝ අමාත්‍ය ලේකම්වරයා මැදිහත් වී වහාම පරික්ෂණයක් පවත්වන ලෙස දුම්රිය වෘත්තීය සමිති සන්ධානය ඉල්ලා සිටී

මැදවච්චිය දුම්රිය ස්ථානයේ නවතා තිබෙන ඊඨඔ-5376 දරණ ඉන්ධන ටැංකියේ මුද්‍රා කඩා රුපියල් 611550/= ක් වටිනා ඩීසල් ලීටර් 1510 ක් සොරකම් කර ඇත්තේ පැය 24 පුරාම ආරක්ෂාව තිබියදි නම් ඒ පිළිබදව කුකුසක් පවතින බව දමෙවැනි සොරකම් පිළිබඳව තොරතුරු සොයා ගැනීමට හැකියාව තිබියදීත්,සොරකම් යටගැසීමත්, සොරුන් බේරීමට තැත් කිරීමත් දැවැන්ත අපරාධයක් බවද දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැදවුම්කරු එස් .පි .විතානගේ මහතා පවසයි.

මෙම ඉන්ධන සොරකම 2023. 03. 12 සහ 2023. 03. 16 දින වලදී හෝ ඒ ආසන්න කාලයේදී සිදුකර ඇති අතර, මෙම ඉන්ධන ටැංකියට පැය 24 පුරා ආරක්‍ෂක රැකවරණ
ලබාදී තිබියදීත්, ඉන්ධන සොරකම සිදුකර ඇත්තේ කෙසේද? යන්න පිළිබඳ කුකුසක් පවතී. එමෙන්ම ඉන්ධන ටැංකිය 2023. 01. 07 දින මෙම ස්ථානයේ ස්ථානගතකර ඇති
අතර, ඊට ආරක්‍ෂාව ලබාදීම සඳහා බැහැර සේවා ස්ථාන වලින් ආරක්‍ෂක නිලධාරීන්ද යොදවා තිබූ බවත් දැනගැනීමට ඇත.

මේ සම්බන්ධයෙන් මේ වන විටත් පොලිස් පරීක්‍ෂණ ආරම්භ කර ඇතත්,දෙපාර්තමේන්තුවෙන් නිසි පරීක්‍ෂණයක් තවමත් ආරම්භ කර නැත. මෙවැනි විෂමාචාරයක් දැනගත් වහාම, මූලික විමර්ශනයක් සිදුකර සිද්ධිය සම්බන්ධයෙන් සත්‍ය අසත්‍යතාවය හෙළිදරව් කරගැනීම සහ ඊට වග කිවයුතු පුද්ගලයින් හඳුනාගෙන අවශ්‍ය විනය පියවර ගැනීම, විනය නීති සංග්‍රයට අනුව විනය බලධාරියාගේ කාර්යභාරය වුවද, එසේ නොකොට, සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට වාර්තා කළ ආරක්‍ෂක නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබීමෙන් පෙනීයන්නේ, දුම්රිය ආරක්‍ෂක අධිකාරී සහ දෙපාර්තුමේන්තුවේ ඉහල නිලධාරීන් එක්ව අනිකුත් බොහෝ සිද්ධී මෙන්ම මෙම සිද්ධියද යට ගැසීමට උත්සහ දරමින් සිටින බවයි.
දුම්රිය දෙපාර්තමේන්තුව විශාල අර්බුදයකට යවා ඇති මොහොතක, නිසි පරීක්‍ෂණ මගින් මෙවැනි සොරකම් පිළිබඳව තොරතුරු සොයා ගැනීමට හැකියාව තිබියදීත්,සොරකම් යටගැසීමත්, සොරුන් බේරීමට තැත් කිරීමත් දැවැන්ත අපරාධයක් බවද පෙන්වා දෙමු.