Spread the love

33 වැනි ජාතික මහා ක්‍රිඩා උළෙලේ මැරතන් තරග හෙට (12) පස්වරුවේ කොළඹ ගාලුමුවදොර පිටිය අසලින් ආරම්භ කරන බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති දමිත වික්‍රමසිංහ මහතා පැවසීය.

පිරිමි ඉසව්වේ දුර කිලෝමීටර් 42ක් බවද පැවසීය. ගාලුමුවදොරින් ආරම්භ වන තරගය ගාලුපාර ඔස්සේ මොරටුව,පානදුර හරහා කඵතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසලින් අවසන් කිරීමට නියමිතයි.

කාන්තා මැරතන් තරගය මොරටුව අලුත්පාර අසලින් අවසන් කිරීමට නියමිතයි. එහි දුර කිලෝමීටර් 21ක් බව පැවසීය.

මෙවර මැරතන් තරගය සදහා දිවයිනේ සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ක්‍රිඩක ක්‍රිඩිකාවන් සහභාගී වෙයි.33 වන ජාතික යෞවන ක්‍රිඩා උළෙල ලබන 19 වැනිදා සිට 22 වැනිදා දක්වා කොළඹ සුගතදාස ක්‍රිඩාංගනයේදී පැවැත්වෙන බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.