Spread the love

මැලේරියා රෝගය රට තුල පැතිරීමේ අවදානමක් පවතින බව මැලේරියා මර්දන ජාතික වියාපාරය පවසයි.

විදේශ රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රමිකයන් හා සංචාරකයන් මගින් රෝගය බෝවීමේ වැඩි හැකියාවක් පවතින බව සදහන් කරයි. වාර්ෂිකව එවැනි රෝගීන් තිස්දෙනෙකු පමණ හඳුනා ගන්නා බව එම ව්‍යාපාරය පවසයි.

ශ්‍රි ලංකාව මැලේරියා වසංගතයෙන් තොර රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කල ද රට තුල මැලේරියා වාහකයින් සිටිය හැකිය.ඒ හේතුවෙන් නොමිලේ ලබාදෙන මැලේරියා ඖෂධ කලින් ලබාගන්නා ලෙස විදේශ ගතවන පුද්ගලයන්ගෙන් ඉල්ලා සිටියි.

මැලේරියාව ව්‍යාප්තවීම වැලැක්විම පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ දැනුවත් කිරීමේ වැඩසටහනක් රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් (10) ඊයේ ආරම්භ කෙරිණි.