Spread the love

මලයාසියාවේ රැකියා ලබා දෙන බව පවසා අයදුම්පත් සහ තොරතුරු එක්රැස් කරන ජාවාරම් කරුවන්ට හසුනොවන ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය පවසයි.

මලයාසියාවෙන් මෙරටට හිමිව ඇති රැකියා දස දහස සම්බන්ධයෙන් දැනටමත් ජාවාරම්කරුවන් විවිධ සම්බන්ධතා රුවා දක්වමින් අයදුම්පත් සහ තොරතුරු එක්රැස් කිරීමට කටයුතු කරමින් සිටින බවට තොරතුරු ලැබි ඇතිබව එම අමාත්‍යංශය සදහන් කරයි.

එලෙස මලයාසියාවේ රැකියා සදහා යවන ශ්‍රී ලාංකිකයන්ගෙන් කොපමණ මුදලක්අයකරන්නේද යන්න මෙතෙක් තීරණය කර නොමැත.

මලයාසියාවේ මානව සම්පත් අමාත්‍යවරයාගේ පැමිණීමෙන් පසුව එය තීරණය කිරීමට නියමිතයි.

මේ අතර මෙරටට ලැබෙන මලයාසියානු රැකියා දස දහස සඳහා සුදුසුකම් ලබන ශ්‍රී ලාංකිකයන්ට මලයාසියානු කම්කරුවන්ට හිමි සියලු වරප්‍රසාද හිමිවන බව එම අමාත්‍යංශය සදහන් කරයි.

අනුමත අවම වැටුපට වඩා ඉහළ වැටුප් හිමිවන බව එම අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කරයි.