Spread the love

රට තුළ පවතින අර්බුදයට විරෝධය දක්වා පැවැත්වෙන මහජන විරෝධතාවක් අද (09) ගාලු මුවදොර පිටියේදී මේ වන විට ආරම්භ වී ඇත.

ඒ අතර විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් ද සිටින බවත් වාර්තා වෙනවා. රටපුරා පැවැත්වෙන විරෝධතා රැලියේ එක් පියවරක් ලෙස කොළඹ, ගාලු මුවදොර පිටියේ මෙම විරෝධතාවය ආරම්භ වුණා.

මේ සඳහා රට පුරා සිටින පුද්ගලයින් මිලියනයක් පමණ සහභාගී වනු ඇති බවත්, විරෝධතාව ජයග්‍රහණයකින් අවසන් වන තෙක් මහජනතාව එම ස්ථානයෙන් ඉවත් නොවනු ඇති බවත්, සමාජ මාධ්‍ය හරහා එහි සංවිධායකයින් සඳහන් කර සිටියා.