Spread the love

ඹ්මානයේ සිට මෙරටට පැමිණි තිදෙනකු ඉතා සුක්ෂම ලෙස රන් තහඩු සාදා ඒ තුළ සගවා ගුවන්තොටුපලේ ටොලියක මාර්ගයෙන් එලියට රැගෙන යාමට තැනකිරිමේදි කළ පරික්ෂාවකදි රුපියල් මිලියන 160 ක් වටිනා රත්රන් තොගයක් සොයා ගැනීමට රේගුමත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙනඇත.

අත්අඩංගුවට ගත් රන්රන් තොගයේ කිලෝ 7 ග්‍රෑම් 500 ක් තිබු බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

අදාල සැකකරුවන් තිදෙනා අතර කාන්තාවක් ද සිටි අතර ඹවුන් ඹ්මානයේ මස්කට් සිට WY 0371 ගුවන් යානයෙන් අද පෙරවරුවේ මෙරටට පැමිණ තිබේ.අදාල සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිළධාරීන් සිදු කරයි.

මීට අමතරව එම ගුවන් යානයෙන්ම මෙරටට පැමිණි තවත් මගියෙක් කිලෝ එකකට ආසන්න ප්‍රමාණයක් රත්රන් තම ගුද මාර්ගයේ සගවා පිටතට රැගෙන යාමට තැත් කිරීමේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එලෙස සගවා ගෙන පැමිණි රත්තරං වල වටිනාකම ආසන්න වශයෙන් මිලියන 12ක් පමණ වේ. මේ පිලිබදවද ඉදිරි විමර්ශන කටයුතු රේගු මත්ද්‍රව්‍ය ‍පාලන අංශයේ නිලධාරීන් සිදු කරයි.