Spread the love

හොර රහසේ ඉන්දියාවට රැගෙන යාමට සැලසුම් කර තිබියදී සැකකරුවන් දෙදෙනකු සමගින් අත්අඩංගුවට ගත් රුපියල් මිලියන 43 ක් වටිනා රත්රන් තොගයක් පසුගියදා(28)රාජසන්තක කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පවසයි.මෙසේ රාජසක්තක කොට ඇත්තේ ශ්‍රී ලංකා රේගුවේ කන්කසන්තුරය උප නිවාරණ කාර්යාලයේ නිලධාරීන් විසිණි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තලෙයිමන්නාරම තම්මැන්නා කඳවුරට අනුයුක්ත නැවියන් පිරිසක් විසින් උතුරු මැද නාවික මූලස්ථානයට ලැබුනු තොරතුරක් මත, තලෙයිමන්නාරම දෙවන වැලි පරයට නාවික සැතපුම් 1.2ක් දුරකදී මෙම රත්රන් තොගය සැකකරුවන් තිදෙනෙකු සමග අත් අඩංගුවට ගෙන තිබේ.

කිලෝග්‍රෑම් 1.912ක බරකින් යුතු මෙම රත්රන් තොගයේ තක්සේරු වටිනාකම රු. 43,208,000/- කි.
ශ්‍රි ලංකා රේගුව විසින් සිදුකරන ලද වැඩිදුර විමර්ශන වලදී මෙම රත්රන් තොගය හොර රහසේ ඉන්දියාවට ගෙනයාමට සැලසුම් කර තිබූ බව අනාවරණය විය.
අත් අඩංගුවට ගත් සැකකරුවන් පුදුකුඩීරුප්පු සහ පේසාලෙයි ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර උතුරු පලාත් රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා විසින් පවත්වන ලද රේගු පරීක්ෂණයේදී රේගු ආඥාපනතේ 130 සහ 163 වගන්ති යටතේ මෙම සැකකරුවන් දෙදෙනාට රුපියල් හත්ලක්ෂ පනස්දහසක (ලක්ෂ 7.5) ක දඩමුදලක් ගෙවන ලෙස නියාම කොට ඇත. රේගු ආඥාපනතේ 12,44 සහ 107 වගන්ති යටතේ රත්රන් තොගය ‍රාජසන්තක කරන ලදී.
උතුරු පලාත් රේගු අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ කන්කසන්තුරේ රේගු උප නිවාරණ කාර්යාලයට අනුයුක්ත නිලධාරින් විසින් මෙම රේගු විමර්ශනය මෙහෙයවන ලදී.

හොර රහසේ ඉන්දියාවට රැගෙන යාමට සැලසුම් කර තිබියදී සැකකරුවන් දෙදෙනකු සමගින් අත්අඩංගුවට ගත් රුපියල් මිලියන 43 ක් වටිනා රත්රන් තොගයක් පසුගියදා(28)රාජසන්තක කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පවසයි.

මෙසේ රාජසක්තක කොට ඇත්තේ ශ්‍රී ලංකා රේගුවේ කන්කසන්තුරය උප නිවාරණ කාර්යාලයේ නිලධාරීන් විසිණි.