Spread the love


2022 වර්ෂයේ රුපියල් මිලියන 600ක වියදමකින් දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් ආදර්ශ තරුණ කෘෂි ගම්මානය බැගින් බිහි කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
ඇමතිවරයා මෙම අදහස් පළකලේ අද (06)කෘෂි කර්ම අමාත්‍යංශයේ පැවැති සාකච්ජාවකදීය,


මෙහිදී අදහස් දක්වමින් ,තරුණ ගොවි සංවිධාන ශක්තිමත් කර දිවයින පුරාකර ආර්ශ කෘෂි ගම්මාන පිහිටු විමට සැලසුම් කර තිබේ. නවීන තාක්ෂණය යොදා ගනිමින් මෙරටට අවශ්‍ය ආහාර බෝග මෙම තරුණ කෘෂි ගම්මානවල වගා කිරීමට අපේක්ෂිතය. මෙම එක් එක් ගම්මානයට ඒ ඒ දිස්ත්‍රික්කයේ තරුණතරුණියන් සියයක් බැගින් බඳවා ගැනීමට ද අපේක්ෂිතය.


මේ තුළින් ජාතික කෘෂි නිෂ්පාදන ඉහළ නංවා ගතහැකි බවත් , පවුල් සියයට වඩා පදිංචි ග්‍රාම නිලධාරි වසම් දෙක බැගින් දිස්ත්‍රික් මට්ටමින් තෝරාගෙන කෘෂි නිෂ්පාදන ආර්ථික රටාවක් එම ගම්මාන තුළ ස්ථාපිත කිරිමට ද කෘෂිකර්ම අමාත්‍යාංශය අපේක්ෂා කරන බවත් පැවසුවේය.
සත්ව පාලනය, බෝග වගාව, අගය එකතු කළ කෘෂි නිෂ්පාදන ව්‍යාපෘති සඳහා මෙම ගම්මානවල ජනතාවට ආධාර ලබා දීමට නියමිතය. මේ සඳහා 2022 වර්ෂයේ වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 1400කි.

මේ අතර මෙරටට අවශ්‍ය එළවළු බීජවලින් 80%ක් මෙරට කෘෂිකාර්මික ගොවිපල තුළ නිෂ්පාදනය කර ගැනීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. වී ගොවිතැන සඳහා දෙකන්නයට අවශ්‍ය බිත්තර වී අවශ්‍යතාවයෙන් මේ වන විට ⁣කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිෂ්පාදනය කරනුයේ 15%ක් බවද මෙම රැස්වීමේදී අනාවරණය විය. මෙම ප්‍රමාණය 25%ක් දක්වා 2022 වර්ෂය තුළ වැඩි කර ගැනීම සඳහා පියවරගෙන තිබේ. එමෙන්ම අතිරේක බෝග බීජ නිෂ්පාදනය 18% සිට 30% දක්වා ද බීජ අල නිෂ්පාදනය 40% සිට 80% දක්වා වැඩි කර ගැනීමට ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

මෙම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඩී.එම්.එල්.බණ්ඩාරනායක මහතා ඇතුළු නිලධාරීන් සහභාගිවුහ.