සහල් මිල පාලනය කළ නොහැකි තත්ත්වයට පත් වුයේ අනවශ්‍ය ගැසට් නිවේදන නිසයි. සහල් මිල හෝ වී මිල පාලනයට ගැසට් පළ කළ යුතු නැහැ. ගොවීන් දුක් විඳ වගා කර ලබා ගන්නා අස්වැන්න ඉහළ මිලකට අලෙවි කිරීම ඔවුන්ගේ අපේක්ෂාවයි.
ඊට ගැසට් මගින් මිල නියම කිරීම උචිත නැහැ. එමෙන්ම රජයේ ප්‍රතිපත්තිය වන්නේ ගොවියාත් පාරිභොගිකයාත් ආරක්ෂා කිරීමයි. නමුත් වී මිල පාලනය කිරීමට හා සහල් මිල පාලනයට පළ කරන ලද ගැසට් නිසා එහි වාසිය අත් වුයේ අතරමැදියන්ට යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
අද දින (30) පෙරවරුවේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
සහල් මිල ඉහළ යාම පාලනයට මෙන්ම වී ගොවීන්ට සාධාරණ මිලක් ලබා දීමත්, පාරිභෝගිකයින්ට සහන මිලකට සහල් ලබා දීම සම්බන්ධව අවධානය යොමු කරමින් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව දිස්ත්‍රික්ක 05 රජයේ සහල් මෝල් 05ක් ආරම්භ කිරීමටත්, ඒ හරහා ගොවීන්ගෙන් වී මිල දී ගැනීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කිරීමට පියවර ගන්නාබව බව අමාත්‍යවරයා සඳහන් කළේය
එමෙන්ම මෙහිදී ආනයනික කාබනික පොහොර ගැටළුව සම්බන්ධව ද මාධ්‍යවේදීහු විමසූහ. දැනට ගෙන්වා තිබෙන පොහොර සාම්පලවල ගැටළුවක් තිබෙනවා. මේනිසා චීනයෙන් එම කාබනික පොහොර ආනයනය කිරීම නතර කළා. නමුත් දැන් බොහෝ දෙනෙක් අපෙන් විමසනවා මහ කන්නයට අවශ්‍ය පොහොර ලබා දෙනවාද යන කාරණය සම්බන්ධව.අපිත් ඒ ගැන කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් විමසුවා. එතුමා ප්‍රකාශ කළා කිසිදු ගැටලුවක් ඇති නොවන පරිදි පොහොර ලබා දීමට පියවර ගන්නා බව. අපි එතුමාව විශ්වාස කරනවා. නමුත් කිසිවිටෙක අපේ පරිසරයට හානි කර ක්ෂුද්‍රජීවින් සහිත කාබනික පොහොර ගෙන්වන්නේ නම් අපි ඊට තදින්ම විරුද්ධයි. ඒ සම්බන්ධව අපි අග්‍රමාත්‍යතුමන් සමග පවත්වන ලද සාක්චඡාවේදීත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වශයෙන් අපේ අදහස පළ කළා.
මහ කන්නය ඔක්තෝබර් මාසයේ වගා කටයුතු ආරම්භ කරනවා. අපි විශ්වාස කරනවා .කාෂිකර්ම අමාත්‍යාංශය හිඟයකින් තොරව පොහොර ලබා දීමට පියවර ගනී කියා. අපිත් ඒ වැඩ පිළිවෙළ දෙස විමසිළිමත්ව බලා සිටිනවා.
එමෙන්ම වයඹ පළාත් සභාවට රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මහඇමැති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීමට තීරණය කිරීම සම්බන්ධව ද කරුණු විමසීය.
දයාසිරි ජයසේකර ඇමැතිතුමා මාධ්‍ය වෙත එවැනි අදහසක් ප්‍රකාශ තිබුනා. නමුත් එතුමා තවමත් පක්ෂය වෙත එවැනි අදහසක් ඉදිරිපත් කර නැහැ. නමුත් එතුමා ඊට එකඟනම් ඒ සඳහා අපේ විරුද්ධත්වයක් නැහැ. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වශයෙන් ඊට එකඟත්වය ලබා දෙනවා.
