Spread the love

සහල් සදහා දැනට ක්‍රියාත්මක උපරිම සිල්ලර මිල සංශෝධනය කිරීමට තීරණය කර ඇතිබව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සෙනරත් නිවුන්හැල්ල මහතා පවසයි.

නව මිල ගණන් සකස් කිරීම අමාත්‍යංශ මට්ටමින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ගොවිජනතාවගෙන් ලැබෙන ඉල්ලීම් සැලකිල්ලට ගෙන එම තීරණය ගත් බව පැවසීය.

සහල් සදහා උපරිම සිල්ලර මිලක් පනවමින් පසුගියදා අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කෙරෙනි.