Spread the love

මීටර් සවිකර මිල ප්‍රදර්ශනය කර සාධාරණ ගාස්තු අයකරන ත්‍රීරෝද රථ සඳහා දැනට ලබාදෙන ඉන්ධන කෝටාව වැඩි කිරීමට අවධානය යොමුව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

දැනට ත්‍රීරෝද රථ ලබාදෙන ලීටර් 5 ප්‍රමාණය ඕනෑම ඉන්ධන පිරවුම්හලකින් ලබා ගැනීමටත් වැඩි කරන ඉන්ධන කෝටාව තෝරාගත් ඉන්ධන පිරවුම්හලකින් ලබා ගැනීමට අවස්ථාව සලසන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ජාතික ගමනාගමන කොමිසන් සභාව සහ ප්‍රවාහන අමාත්‍යංශය හා පළාත් සභා මඟින් තොරතුරු එක්රැස් කර ගැනීමෙන් අනතුරුව මෙය ක්‍රියාත්මක කරන බවයි අද (06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් සඳහන් කළේ