වසරේ ගතවූ කාලය තුළ ගාල්ල දිස්ත්‍රික්කයෙන් මී උණ රෝගීන් 146 දෙනෙකු වාර්තා වී ඇතිබව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි.
වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ඇල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.එම බල ප්‍රදේශයෙන් රෝගීන් 34 දෙනෙකු හමුවී තිබේ.
මී උණ වැලදීමෙන් පුද්ගලයන් තිදෙනෙකු මේවන විට මියගොස් ඇතිබව එම කාර්යාලය පවසයි මේවන .
ගොවිතැන් කටයුතු කරන කාල වකවානුවක් හේතුවෙන් විශේෂයෙන් කුඹුරට බැසීමට පෙර නිර්දේශිත ප්‍රතිජීවක ඖෂධ ලබා ගන්නා ලෙස ගොවීන්ට දැනුම් දෙයි.
කුඹුරට බැසීමෙන් පසුව යම් උණ රෝගයක් පවතින්නේනම් කඩිනමින් සෞඛ්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය ගොවීන්ගෙන් ඉල්ලා සිටියි