Spread the love

මෙරට මුහුදු සීමාවේ නැංගුරම් ලා තිබූ ඉන්ධන නෞකා 03 මුදල් ගෙවූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එම නෞකාවල ඇති ඉන්ධන ගොඩ බෑම අද (16) දිනය තුළ ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

එම නෞකාවල ඩීසල් මෙට්ට්‍රික්ටොන් 37000ක්,බොරතෙල් මෙට්ට්‍රික්ටොන් ලක්ෂයක් පෙට්‍රල් මෙට්ට්‍රික්ටොන් 20000 අඩංගු බව එම සංස්ථාව සදහන් කරයි.

මේ අතර දෛනිකව ඩීසල් මෙට්ට්‍රික්ටොන් 4000 බැගින් සහ පෙට්‍රල් මෙට්ට්‍රික්ටොන් 3000 බැගින් දිවයින පුරා බෙදාහරිමින් ඇතිබව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සදහන් කරයි.