Spread the love

මුව ආවරණ පැළඳීමේ රෙගුලාසි අද සිට ලිහිල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

කොවිඩ් 19 වැලැක්වීමේ පියවර යටතේ අද සිට ක්‍රියාත්මක වන පරිදි පරිශ්‍රයට ඇතුළු වන විට ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම අවශ්‍ය නොවන අතර පුද්ගලික තොරතුරු ලබා ගැනීම ද අවශ්‍ය නොවේ.

මේවනවිට පවතින තත්ත්වයන් සැලකිල්ලට ගෙන සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම තීරණයට එළඹි බවයි නව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ. 

ඒ අනුව ගෘහස්ථ ස්ථානවලදී සහ පොදු ප්‍රවාහනයේදී හැර වෙනත් ස්ථානවලදී මුව ආවරණ පැළඳීම අනිවාර්යය නොවන බවද පැවසුවේය.