Spread the love

මගී ජනතාවගේ ගමන් පහසුව සදහා මුහුදු බඩ මාර්ගයේ අළුතින් ඉදිකළ ” නාකුළුගමුව ” දුම්රිය ස්ථානය මේමස 04 වන ඉරිදා ජනතාව අයිතියට පත් කිරීමට දුම්රිය දෙපාර්තුමේන්තුව පියවර ඇත.
එම දුම්රිය ස්ථානය බෙලිඅත්ත හා වැවුරුකන්නල දුම්රිය ස්ථාන දෙක අතර ස්ථාපිත කොට තිබේ.
මෙම දුම්රිය ස්ථානයේ ලබන ඉරිදා බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවනය වන දුම්රිය නැවතීමට මේ වනවිට කටයුතු සුදානම් කර ඇතැයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි.