Spread the love

දකුණු අප්‍රිකාවෙන් හඳුනා ගෙන ඇති නව විකෘති කොවිඩ් ප්‍රබේදය ආසාදනය වී ඇති පුද්ගලයන් හඳුනා ගෙන ඇති රටවල සිටින පුද්ගලයන්ට මෙරටට පැමිණීම අද මධ්‍ය රාත්‍රියේ සිට තහනම් කිරීමට තීරණය කර බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව විදේශිකයින්ට සහ එම රටවල සිටින ශ්‍රී ලාංකික ගුවන් මගීන්ට ද මෙරටට පැමිණීම තහනම් වෙයි

.දකුණු අප්‍රිකාව,ඇන්ගෝලාව ,මොසැබික්,සිම්බාබේ, ලෙසකෝ, ස්වාසිලන්තය සහ නැමිබියාව යන රටවල සිට පැමිණෙන ගුවන් මගීන්ට මෙම තහනම ක්‍රියාත්මක වෙයි.එම රටවල සිට යම් අයෙකු මෙරටට පැමිණීමට  මේවන විටත් පිටත්ව ඇත්නම් එලෙස පැමිණෙන පිරිස් නිරෝධායනය සදහා යොමුකිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.