මොනරාගල කොටියාගල ඉඩම් හෙක්ටයාර් පන්දහසක් වගා කටයුතු සඳහා තාවකාලික පදනමින් ගොවි ජනතාවට ලබා දීමට රජයේ අවධානය යොමුව ඇත.
මොනරාගල කොටියාගල කැබිලිත්ත ප්රදේශයේ වූ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු සතු නැවත වන වගාව සඳහා වෙන් කර ඇති ඉඩම් මෙලෙස වගා කටයුතු සඳහා යොදා ගැනීමට නියමිතය.
ඉදිරියේ දී ඇතිවිය හැකි ආහාර අර්බුදයට මුහුණදීම සඳහා මෙම ඉඩම් වගා කටයුතුවලට යොදා ගැනීමට රජයේ අපේක්ෂාවයි.