Spread the love

දරුවන් සෙම්ප්‍රතිශ්‍යාව ඇතුළු විවිධ රෝගවලින් පෙළෙන්නේනම් පාසල් එවීමෙන් වලකින ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

පාසල් ආපන ශාලා තවදුරටත් වසා තැබීමට කටයුතු කරන බව පැවසීය

දරුවන්ට අවශ්‍ය දහවල් කෑම වේල හැකිතාක් නිවසෙන් රැගෙන පැමිණීම වඩා යහපත් බව සදහන් කළේය.

හැකිතාක් දරුවන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම ඉතා වැදගත් බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය