මෙරට කොරෝනා ආසාදිතයින් සදහා ප්‍රතිකාර කිරීම සදහා රජයට දෛනිකව අති විශාල වැය බරක් දැරීමට සිදුව ඇතිබව ඖෂධ නිෂ්පාදන සැපයූම් සහ නියාමන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසීය.
එම වැය බර අවම කර ගැනීම සදහා මෙරට පුද්ගලයන් කඩිනමින් කොරෝනා මර්දන එන්නත ලබා ගැනීමට කටයුතු කළයුතු බව;ත් කොරෝනා වසංගත තත්වය හමුවේ මෙරට ආර්ථිකය ද දැඩි පසුබෑමකට ලක්ව ඇතිබවද පැවසීය.
සාමාන්‍ය කොරෝනා රෝගියෙකුට දෛනිකව ප්‍රතිකාර කිරීම සඳහා රුපියල් 1800 වැඩි මුදලක් වැයවන බවත් දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන රෝගියෙකු සදහා දෛනිකව රුපියල් 75000ත් දෙලක්ෂයක් අතර මුදලක් වැය වෙයි.
සාමාන්‍ය ප්‍රතිකාර ඒකකය සහ දැඩිසත්කාර ඒකකය හැර අතරමැදි ප්‍රතිකාර ඒකකයක ප්‍රතිකාර කිරීම සදහා දෛනිකව රුපියල් 50000ක මුදලක් වැය වන බව පැවසීය.කොරෝනා රෝගීන් සදහා ඔක්සිජන් සදහා ද විශාල මුදලක් වැයවන බව පැවසීය.
ඔක්සිජන් මත යැපෙන කොරෝනා රෝගීන්ගේ පැහැදිලි අඩුවක් රෝහල් තුළ ඇතිබව පැවසීය.එහෙත් මේ සතිය තුළ ද ඔක්සිජන් ටොන් 300 ආනයනය කිරීමට පියවර ගෙන ඇතිබව වැඩිදුරටත් පැවසීය.
තවදුරටත් අවශ්‍යතාවය ඇතිවුවහොත් ඔක්සිජන් ආනයනය කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණය කරන බව වැඩිදුරටත් පැවසීය.
