Spread the love

ගල්කිස්ස ප්‍රදේශයේදී මෝටරථයක් සොරකම් කර පුද්ගලයන් දෙදෙනෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්තඩංගුවට ගෙන ඇතිබව ගල්කිස්ස පොලිසිය පවසයි.

මෝටර් රථය කොල්ලකෑම සදහා යොදාගත් පිහියක් ද සොයා ගෙන තිබේ.

අත්තඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 22 සහ 23 වයස් වල පසුවන රත්මලාන හා අඟුලාන ප්‍රදේශයේ පදිංචි කරුවන්ය.

කොල්ලකන ලද මෝටර් රථය පානදුර එළුවිල ප්‍රදේශයේ තිබී සොයා ගෙන තිබේ.

සැකකරුවන් (05) අද ගල්කිස්ස මහෙස්ත්‍රාත් හමුවට

ඉදිරිපත් කිරීමට නියමිතයි.

ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.