ගාල්ල විජේසිිංහ.
පිටිගල මාපලගම මාර්ගයේ පිටිගල ගොඩාමුණ පරන පොලිස් ස්ථානය අසලදී යතුරුපැදියක් හා ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරු පැදියේ ගමන් කළ තිදෙනකු ත්‍රීරෝද රථයේ රියදුරු තුවාල ලබා ප්‍රතිකාර සදහා ඇල්පිටිය රෝහලට ඇතුළු කර ඇත.
සිද්ධිය වී ඇත්තේ අද පෙරවරු 11 .00 පමණය . අනතුරු සිදුවීමත් සමගින් එම ස්ථානයට පැමිනි පිටිිගල පොලිසිය 1990 ට කථා කොට තුවාල කරුවන් ප්‍රතිකාර සදහා රෝහල් කරා රැගෙන යාමට පියවර ගෙන තිබිණ.
ත්‍රිරෝද රථය තවත් රථ වාහනයක් පසුකර යාමේදී මෙම අනතුර සිදුව ඇති බවට පොලීසිය පවසයි
සිද්ධිය සම්බන්ධයෙන් පිටිගල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
වඩියෝව නරඹන්නSUBSCRIBE කරන්න