Spread the love


ඉන්ධන බෙදා හැරීමේදී ඇණවුම් ලබාදීමේ ක්‍රමවේදයේ පවතින ප්‍රමාදයක් හේතුවෙන් ඇතිවූ ගැටලුකාරී තත්ත්වය නිසා ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල පෝලිම් නිර්මාණය වී ඇති බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසයි..

ඒ අනුව බෙදා හැරීම සඳහා ප්‍රමාණවත් ඉන්ධන සංචිත පැවතියද බෙදා හැරීමේ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් පෝලිම් නිර්මාණයවී ඇති බවයි එම සංගමයේ සම ලේකම් ඩී.වී ශාන්ත සිල්වා සඳහන් කළේ.

ඇණවුම් ලබාදීමේ ක්‍රමවේදය විධිමත් කළ හොත් ජනතාවට පීඩාවකින් තොරව ඉන්ධන ලබා ගැනීමේ හැකියාවක් ඇති බවයි ඒ මහතා පැවසුවේ.