Spread the love

මහනුවර සිට කොලඹ කොටුව බලා ධාවනය වු නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියට යාගොඩ උප දුම්රිය ස්ථාන අසල හරස් මාර්ගයේදී අපරික්ෂාකාරී ලෙස දුම්රිය මාර්ගයට ඇතුළු කල මෝටර් රථයක් දුම්රියේ ගැටී යාගොඩ දුම්රිය ස්ථානයට මෝටර් රථය ඇදී ගොස් නතර වී ඇත.

වීඩියෝව නරඹන්න SUBSCRIBE කරන්න


මෙම අනතුරින් මෝටර් රථයේ රිියදුරු එම ස්ථානයේදී ම මියගොස් තිබේ.

අනතුර සිදුවී ඇත්තේ අද පස්වරු පහට පමණ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි.
අනතුරට පත්වු වැගන් ආර් වර්ගයේ මෝටර් රථයට දැඩි සේ අලාභ හානී සිදුවී තිබේ.


යාගොඩ දුම්රිය හරස් මාර්ගයේ බෙල් ඇන්ඩ් ලයිට් තිබෙන අතර අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කිරීම හේතුවෙන් මෙම අනතුර සිදු ඇතැයිද වාර්තාවෙයි.


අනතුරින් මෝටර් රථයේ රියදුර දැඩි පරිශ්‍රමයක් දරා රථයෙන් එළියට ගත් නමුත් ඹහු එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවද කසුන් චාමර මහතා වැඩි දුරටත් පැවසුවේය.
මේ හේතුව නිසා පහළ මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද විය.