Spread the love

යාල ජාතික වනෝද්‍යානයට සංචාරකයින්ගේ පැමිණීම පසුගිය වසරේ මුල් මාස දෙකට සාපේක්ෂව තුන් ගුණයකින් ඉහළ ගොස් ඇතැයි වනෝද්‍යාන භාරකරු මනෝජ් විද්‍යාරත්න මහතා පැවසීය.

පසුගිය වසරේ ජනවාරි මාසයේ වනෝද්‍යානය නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයන් දසදහස් එකසිය අසු හත් දෙනෙකු පැමිණ තිබේ.

මෙම වසරේ ජනවාරි මාසයේ සංචාරකයින්ගේ පැමිණීම තිස් නම දහස් දෙසිය තිස් දෙකක් දක්වා ඉහළ ගොස් ඇතිබව පැවසීය.

පසුගිය පෙබරවාරි මාසයේ යාල ජාතික වනෝද්‍යානය නැරඹීම සදහා සංචාරකයන් දහතුන් දහසකට ආසන්න සංඛ්‍යාවක් පැමිණි තිබේ.

මේ වසරේ පෙබරවාරි මාසයේදී එම සංඛ්‍යාව තිස් හය දහස ඉක්මවා ඇතිබව පැවසීය. විදේශීය සංචාරකයන් දිවයිනට ගෙන්වා ගැනීම සඳහා රජය සකස් කර ඇති වැඩපිළිවෙළ මෙම ප්‍රගතියට හේතු වී ඇතිබව භාරකාරවරයා එහිදී පැවසීය. වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන සංචාරකයින්ට අවශ්‍ය සියලු පහසුකම් සකස් කර ඇතිබව වැඩිදුරටත් පැවසීය