යුක්තිය මෙහෙයුමෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති මුළු මත්ද්‍රව්‍යවල වෙළෙඳපළ වටිනාකම මිලියන 7,852.6කට ආසන්න බවත් , තහනමට ගත් දේපළවල වෙළෙඳපළ වටිනාකම මිලියන 726 කට අසානන් බවත් අපරාධකරුවන් 64,850ක් අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇති බවත් පොලීසිය පවසයි.
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 56,140ක් සිටින අතර අපරාධ අංශ වෙත යොමුකළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 8,710 ක් සිටින බව වාර්තාවෙයි.
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 56,140 දෙනා අතරින් සැකකරුවන් 1,850 කට රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් 2,009 ක් පුනරුත්තාපනය සදහා යොමු කර ඇත.
නීතිවිරෝධී වත්කම් විමර්ශන ආරම්භ කළ සැකකරුවන් ගණන 234 ක් වන අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්යාංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 3,202 ක්ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත.
