ලෝක බැංකුණය යටතේ මිල දී ගන්නා ලද තවත් යුරියා පොහොර මෙට්රික් ටොන් 20,000ක් සහිත නෞකාවක් අද රාත්රී කොළඹ වරායට පැමිණීමට නියමිතය.
මෙම නැව දැනටමත් කොළඹ වරායෙන් පිටත මුහුදු තීරයේ නැංගූරම් ලා තිබේ.
මෙවර මහ කන්නය සඳහා යුරියා පොහොර මිල දී ගැනීමට ලෝක බැංකුව විසින් ඩොලර් බිලියන 110ක මුදලක් ණය වශයෙන් ලබා දී තිබිනි. ඒ යටතේ යුරියා පොහොර මෙට්රික් ටොන් 125,000ක් මිල දී ගැනීමට කටයුතු යෙදිනි. ඒ අනුව මේ වනවිට යුරියා මෙට්රික් ටොන් 13,000ක්, 22,500ක්, 16,000ක් හා තවත් මෙට්රික් ටොන් 16,000ක් වශයෙන් හා අද දින රාත්රී තවත් යුරියා පොහොර මෙට්රික් ටොන් 20,000ක් වශයෙන් යුරියා පොහොර නැව් 04කින් මෙරටට යුරියා පොහොර මෙරටට ආනයනය කරනු ලැබීය.
මේ වනවිට ලෝක බැංකු ණය යෝජනා ක්රමය යටතේ මෙරටට ලැබී ඇති යුරියා පොහොර ප්රමාණය මෙට්රික් ටොන් 85,500කි.