එතෙර රටවල් වල ඉතා විශාල වශයෙන් ජනප්‍රිය තත්ත්වයට වෙමින් ඇති යොවුන් ගායිකා යොහානි ද සිල්වා සමඟ ඇගේ පියා වන ප්‍රසන්න ද සිල්වා මහතා යුද අපරාධරුවකු බව කියමින් කොටි හිතවාදී කණ්ඩායම් ඇයට එරෙහිව විවිධ ප‍්‍රචාර පැතිරවීම ආරම්භ කර තිබේ.
ශ‍්‍රී ලංකාවේ හා ඉන් පිටත සිටින ඊළාම් දෙමළ ජනතාව යොහානිද සිල්වාට සහය නොදිය යුත්තේ ඇගේ පියා යුද අපරාධකරුවකු නිසා බව එක් ට්විටර් පණිවුඩයක සටහන් විය.
තවත් පණිවුඩයක සඳහන් වූයේ යුද අපරාධකරුවෙකුගේ දියණියක වන යොහානිගේ ජනප්‍රියතාවය බරපතළ ප‍්‍රශ්නයක් බවයි.
කොටි හිතවාදී කණ්ඩායම් මෙවැනි ප‍්‍රකාශ සිදුකරන්නේ කෝටි සංඛ්‍යාත ඉන්දියානුවන් යොහානිට වසඟවී ඇති නිසාය.
යොහානි දිල්ලියේ මෙන්ම හයිද්‍රාබාදයේ ද පැවැත්වූ ප‍්‍රසංග ඉතා සාර්ථක වී තිබේ.
ඉන්දියාවේ දකුණු දිග ප‍්‍රාන්තවල තමිල්නාඩුවේ කේරළයේ පවා මැණිකේ මගේ හිතේ ගීතය ඉමහත් ජනප්‍රිය වී ඇත.
කොටි හිතවාදී සුළුතරයකගේ ප‍්‍රචාර දෙස් විදෙස් හී වෙසෙන කෝටි සංඛ්‍යාත යොහානිගේ රසිකයන් පිළිනොගන්නා බව පැහැදිලිය.
අපේ රටට අභිමානය ගෙනදෙන යොහානිගේ පියා වන ප්‍රසන්න ද සිල්වා මහතා අපේ රටට අද්විතීය මෙහෙවරක් ඉටුකළ සෙන්පතියෙකු වීම දෙමළ ඩයස්පෝරාවේ මේ නෝක්කාඩුවට හේතු වී ඇතැයිද වාර්තා වේ.
