Spread the love


රුසියාව මගින් යුක්රේනය ආක්‍රමණය කිරීම හෙළා දකිමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරුණු යෝජනාව වැඩි ජන්ද 136කින් සම්මත වී තිබෙනවා.

එම යෝජනාවට පක්ෂව රටවල් 141ක් ඡන්දය දුන් අතර රටවල් 5ක් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ අතර රටවල් 35ක් ඡන්දය දීමෙන් වැළකී සිටීම විශේෂත්වයක්.

මෙම යෝජනාවට විරුද්ධව ජන්දය ප්‍රකාශ කරනු ලැබූ රටවල් 05 වුයේ බෙලරුස්, උතුරු කොරියාව, එර්ත්‍රියාව, සිරියාව සහ රුසියාවයි. යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල් 35 අතර ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පාකිස්ථානය ඇතුළු ආසියානු රටවල් ඇතුළත් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ