Spread the love

ජනාධිපති කාර්යාලයට අයුතු ලෙස ඇතුළුවී දේපල වලට හානි සිදු කලේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් රංගන ශිල්පිනී දමිතා අබේරත්න අද අධිකරණයට ඉදිරිපත් කෙරුණු පසු ලබන 14 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කොට ඇත.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා මෙසේ මෙම නියෝගය නිකුත් කර තිබිණ.

බත්තරමුල්ල දියත උයනේ ඊයේ පස්වරුවේ පැවති විරෝධතාවක් අවසන් කර නැවත යමින් සිටියදී ඇයව කොළඹ උතුර අපරාධ කොට්ඨාසයේ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ.

.