කල් ඉකුත් වු ඖෂධ වර්ග රජයේ රෝහල් මගින් ජනතාවට ලබා දීමට කටයුතු කරන බවට ජාතික පාරිභෝගික පෙරමුණ චෝදනා කරනවා.
එහි සභාපති එන්. පී. කේ වනිගසේකර මහතා විශේෂ මාධ්‍ය හමුවකදී මේ පිළිබද අනවාරණ කළා.
බදු බර සම්බන්ධයෙන් හඩ නගන අනුරුද්ධ පාදෙනිය මහතා එය පසෙක තබා මේ සම්බන්ධයෙන් සොයා බලන්නෙ නම් උචිත බව ඔහු කියා සිටියා.
මේ වන විට රජයේ රෝහල්වල ඖෂධ හිඟයක් පවතින බව ද ඒ මහතා පෙන්වා දුන්නා. එම තත්ත්වය මත මෙම කල් ඉකුත් වූ ඖෂධ බෙදාහරින බවටයි ඔහු චෝදනා නගන්නේ.
මේ සම්බන්ධයෙන් රෝහල් සේවකයන් ට චෝදනා කිරීම සුදුසු නොවන බව ද ඔහු පෙන්වා දෙනවා.
පසුගියදා තමන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ලබාගත් ඖෂධ කල් ඉකුත් වූ බවත් ඔහු සඳහන් කර තිබෙනවා.
එම ඖෂධ කුඩා දරුවන් සඳහා ලබාදෙන ඒවා බවද ඔහු සඳහන් කළා.
මෙම කල් ඉකුත් වූ ඖෂධ ලබාදීම සම්බන්ධයෙන් රෝහල් කාර්ය මණ්ඩලයට දොස් පැවරීමට නොහැකි බවත් පෙන්වා දෙන ඒ මහතා මේ සම්බන්ධයෙන් වගකිවයුතු බලධාරීන් සොයා බලා කටයුතු කළ යුතු බවද පෙන්වා දුන්නා.
මීට සම්පූර්ණයෙන්ම ඖෂධ නියාමන කොම්සම සහ අදාළ විෂය භාර අමාත්‍යවරයා වගකිව යුතු බවද ඒ මහතා සඳහන් කළා.