Spread the love

සමෘද්ධිය ඇතුළු රජයේ සහනාධාර අපේක්ෂා කරන පුද්ගලයින්ගෙන් අයදුම්පත් කැදවීම ආරම්භ කර ඇතිබව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් බන්දුල තිලකසිරි මහතා පැවසීය.

සමෘද්ධි ,වැඩිහිටි ,ආබාධිත හා වකුගඩු සහනාධාර අපේක්ෂා කරන පුද්ගලයන්ට ග්‍රාම නිලධාරී කාර්යාල හරහා අයදුම් කර හැකිය.

සමෘද්ධි සංවර්ධන නිලධාරී,කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර ,සංවර්ධන නිලධාරී සහ ග්‍රාම නිලධාරී යන තමන් අයත් ප්‍රදේශයේ ඕනෑම නිලධාරියෙකු හරහා අයදුම්පත්‍රය යොමුකර හැකිය.

ලබන 30 දක්වා ඒ සදහා අවස්ථාව හිමිවන බව පැවසීය.

දැනට රජයේ දීමනා ලබන සියලු පුද්ගලයන් ද මෙම අයදුම්පත්‍රය යොමුකර යුතු බව වැඩිදුරටත් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසීය.