Spread the love

දිවයින පුරා වෘත්තියවේදින් 15 දින දියත් කල වැඩ වර්ජනය අති සාර්ථක වු බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සහ ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල් කාන්ත මහතා පැවසිය.

ලාල් කාන්ත මහතා ඒ බැව් නාවලපිටිය ප්‍රදේශයේ ජාතික ජන බලවේගයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වි සිටින අපෙක්ෂකයන් සමග පැවති විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු ලාල් කාන්ත මහතා කියා සිටියේ මෙතෙක් දියත් කල වෘත්තිය සමිති අරගල මහජනතාව සමග එක්ව බහුජන අරගලයක් බවට පත් කිරිමට පියවර ගන්නා බවයි.

වෘත්තිය සමිති ගන්නා ක්‍රියාමාර්ග වලට රජය බිය වි ඇති බවත්, රජය කටයුතු කරන ආකාරයෙන් වෘත්තිය සමිති වලට රජය බිය වි ඇති ආකාරයක් දක්නට ලැබෙන බවයි ලාල් කාන්ත මහතා කියා සිටියේ.