Spread the love

රජරට රැජිණ දුම්රිය පොල්ගහවෙල දුම්රිය ස්ථානයේදී අද උදෑසන හතට පමණ පීලි පැනීමකට ලක්වී ඇත. ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගය දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවු බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

පීලි පැනීමට ලක්වී ඇත්තේ රජරට රැජින දුම්රියේ එංජිම හා එක් මැදිිරියක් බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි.

දහවල් 12 පමණ වනවිට පීලි පැනිමට ලක්වු එංජිම හා මැදිරිය පිළි ගත කිරීම සදහා ඉතා කඩිනමින් මාර්ග හා කර්මාන්ත අංශයේ නිලධාරීන් සිය කටයුතු සිදු කර ඇතැයිද කසුන් චාමර මහතා වැඩි දුරටත් පැවසුවේය.