Spread the love

III චාල්ස් රජුගේ රාජාභිෂේකයට එරෙහිව විරෝධතාවයේ නිරත වූ පුද්ගලයින් 52දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ලන්ඩන් මෙට්‍රෝපොලිටන් පොලීසිය විසින් ආණ්ඩු විරෝධි කණ්ඩායමක නායකයෙකු ඇතුළු පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

III චාල්ස් රජගේ රාජාභිෂේකය ඊයේ (06) පැවති අතර එයට විරෝධය පළකරමින් රාජාණ්ඩු විරෝධී විරෝධතාකරුවන් ට්‍රැෆගල් චතුරස්‍රයේ විරෝධාතවල නිරත විය.

III චාල්ස් රජු තමන්ගේ රජු නොවන බව පවසමින් විරෝධතා පුවරු අතැතිව ඔවුන් විරෝධතාවයේ නිරත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

විරෝධතාවයේ නිරත පිරිස් මාර්ග අවහිර වන ලෙස විරෝධතාවල නිරතවීම හේතුවෙන් අත්අඩංගුවට ගැනිම් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ.