බිත්තර ප්‍රශ්නයට කඩිනමින් විසඳුමක් ලබා නොදෙන්නේ නම් තව දින තුනක් ඇතුළත ලංකාවේ සියලුම හෝටල් වැසි යනු ඇතැයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
මේ හේතුවෙන් රජය වහාම මැදිහත් වී බිත්තර නිෂ්පාදකයන් සමඟ සාකච්ඡා කර ගැටලුව විසඳීමට කටයුතු කළ යුතු බවද සංගමයේ සභාපති අසේල සම්පත් මහතා කියා සිටියේය.
එය එසේ නොවන්නේ නම් බිත්තර ආශ්‍රිතව සිය ජීවිකාව කරගෙන යන බොහෝ පිරිසකට රැකියා අහිමි වී රටේ ජනතාවට ප්‍රෝටීන් අවශ්‍යතාවය ද බිඳ වැටෙනු ඇති බවද ඔහු පැවසීය.