Spread the love

මේ වනවිට රටතුළ ඇත්තේ කෘතීම සහල් හිඟයක් බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා පැවසීය.
.
මේ අතර සහල් තොග සඟවා ගෙන සිටින පුද්ගලයන් පිළිබඳ හෝ වැඩි මිලට සහල් අලවි කරන පුද්ගලයන් පිළිබඳ තොරතුරු දන්නේනම් 1977 ක්ෂණික දුරකථන අංකයට දැනුම් දිය හැකි බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එම අධිකාරියේ බස්නාහිර සහ ඌව පළාත් සහකාර අධ්‍යක්ෂවරුන් වෙත 0771088895 දුරකථන අංකයෙන් තොරතුරු ලබාදිය හැකිය.

උතුරු පළාතේ සහ වයඹ පළාතේ පැමිණිලි 0771088914 ලබාදිය හැකිය. දකුණු සහ සබරගමු පළාතේ පැමිණිලි 0771088903 අංකය වෙත ලබාදිය හැකි බව එම අධිකාරිය පවසයි.

උතුරු මැද පළාතේ පැමිණිලි 0771088902 අංකයට ලබා දිය හැකි අතර මධ්‍යම සහ නැගෙනහිර පළාතේ පැමිණිලි 0771088904 අංකයට ලබාදිය හැකි බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සදහන් කරයි.