Spread the love

මඩකලපුව මුහුදු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී අද (11) අලුයම දී සිදු කළ මුර සංචාරයක දී නීතිවිරෝධීව මුහුදු මාර්ගය ඔස්සේ රටින් පිටවීමට උත්සාහ කළ 85 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සැකකරුවන් බහුදින ධීවර යාත්‍රාවක් උපයෝගී කරගනිමින් රටින් පිටවීමට උත්සාහ කරමින් සිටි බව නාවික හමුදා මාධ්‍ය අංශය පැවසුවේ ය.

මෙම සැකකරුවන් අතර වයස අවුරුදු 18ට වැඩි පිරිමි පුද්ගලයින් 60ක්, කාන්තාවන් 14ක් සහ වයස අවුරුදු 18ට අඩු 11 දෙනෙකු ද යාත්‍රාවේ සිට තිබෙන අතර මෙලෙස නාවික හමුදා භාරයට පත් පුද්ගලයින් පිරිස මඩකලපුව, ත්‍රිකුණාමලය, මූතූර්, කිලිනොච්චිය, යාපනය සහ මඩු යන ප්‍රදේශයන් හි පදිංචිකරුවන් වේ.