රට ගොඩනැගීමට නම් නිෂ්පාදනය සහ සේවා යන අංශ දෙකෙහිම සංවර්ධනය අවශ්‍ය බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ ඊයේ (02) පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩසටහන පිළිබඳ විශ්ව විද්‍යාල ආර්ථික විද්‍යා අධ්‍යනාංශයන්හි ආචාර්යවරුන් දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා පැවසුවේ IMF වෙත 16 වතාවක් ගියද එම වැඩපිළිවෙල අසාර්ථක වූයේ යම් කොන්දේසි නිසියාකාරව ක්‍රියාත්මක නොකිරීමෙන් බවය.
බදු පැකේජය ඉවත් කරන්න පුළුවන් ක්‍රම දෙකක් පවතින අතර මීට වඩා අය බදු ගෙවීමට එකතු කර ගැනීම හෝ රජයේ ආදායම් වැඩි කරගෙන යම් කිසි ආකාරයක වැටුප් වැඩි කිරීමක් සිදු කිරීම එම ක්‍රම දෙක බවද මහ බැංකු අධිපතිවරයා එහිදී පෙන්වා දී තිබේ.